ප්‍රථම වරට බකමූණු දින සැමරුමක්

ප්‍රථම වරට බකමූණු දින සැමරුමක්

ප්‍රථම වරට මෙරට බකමූණන් සහ බස්සන්ගේ ජාත්‍යන්තර දින සැමරුමක් සිදු කර තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යන අංශය විසිනුයි මෙම සැමරුම සිදු කර ඇත්තේ.

ඊට සමගාමීව බස්සන්ගේ විවිධ නාද නිරීක්ෂණය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් කොළඹ නාගරික ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක්ද සිදුකර තිබෙනවා.

බස්සන් හා බකමූණන්ගේ ජාත්‍යන්තර දිනය පෙරේදා (05) පැවති අතර, ඊට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාල භූමියේ වැඩමුළුවක්ද පැවැත්වුණා.