ප්‍රදේශ කිහිපයකට අනිද්දා වතුර කපයි

ප්‍රදේශ කිහිපයකට අනිද්දා වතුර කපයි

කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (09) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

මීට අමතරව පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශවලට ද මෙලස ජල සැපයුම අත්හිටුවනවා.

COMMENTS