අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයක් දින 4 කට වැසේ

අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයක් දින 4 කට වැසේ

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර “මානික්කම් පට්ටිය” මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ලබන 10 වනදා සිට 13 වනදා දක්වා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සැතපුම් 160 දම්වැල් 60 දරණ ස්ථානයේ පිහිටි මෙම හරස් මාර්ගය 10 වනදා පෙරවරු හතේ සිට පසුදා පස්වරු 8.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබීමට නියමිතයි.

එමෙන්ම 12 වනදා පෙරවරු හතේ සිට පසුදා පස්වරු 8.30 දක්වා එය වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.

අදාළ කාලය තුළදී මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

COMMENTS