පානීය ජල බෝතල් නැවත නැවත භාවිතය ගැන වෛද්‍යවරුන්ගෙන් අවවාදයක්

පානීය ජල බෝතල් නැවත නැවත භාවිතය ගැන වෛද්‍යවරුන්ගෙන් අවවාදයක්

එක් වරක් පමණක් භාවිතා කර ඉවත් කීරිමට ඇති බෝතල් නැවත නැවත ජලය පුරවා රැස් කර භාවිතා නොකරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වා ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම බෝතල් දැඩි හිරු එළියට නිරාවරණය වීම තුළ යම් රසායනික ද්‍රව්‍ය ජලයට එක්විමට හැකියාව ඇති බවයි.

පාසල් දරුවන්ට හැකිතාත් නිවසින් පානීය ජලය රැගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ද වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

COMMENTS