නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන කටයුතු නවතියි

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන කටයුතු නවතියි

හදිසියේ ඇති වූ දෝෂයක් නිසා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති බවයි.

දැනටමත් ගල් අගුරු බලාගාරයේ එක් ජනනය යන්ත්‍රයකින් විදුලි උත්පාදනය අත්හිටුවා ඇති අතර දෙවන යන්ත්‍රය ක්‍රියා විරහිත වීමත් සමඟ සමස්ථ බලාගාරයෙන් මේ වනවිට ජාතික පද්ධතියට එක් කෙරෙන්නේ මෙගාවොට් 270ක පමණ විදුලි ධාරිතාවක් පමණයි.

COMMENTS