විශේෂඥ කමිටු වාර්තාවෙන් මරණ වලට හේතු එළි වෙයි

විශේෂඥ කමිටු වාර්තාවෙන් මරණ වලට හේතු එළි වෙයි

පසුගිය දිනවල අප රටේ මතභේදයට ලක් වූ රෝහල් ආශ්‍රිතව වාර්තා වූ මරණ 06න් 02ක් ඖෂධ ආසාත්මිකතා නිසා සිදු වූ බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාවෙන් අනාවරණ කරන බව මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධවල බලපෑමෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සත්පුද්ගල විශේෂඥ කමිටුවක් පසුගිය මස 18පත් කළා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් එහි සභාපතිත්වය දැරුවා.

මීට අමතරව මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, ආචාර්ය සෙනිත ලියනගේ, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස්.එස්.පී. වර්ණකුලසූරිය සහ ආචාර්ය ෆිලිප් එච්.ලී කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.

COMMENTS