කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක්

කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩපිළිවෙළක් රජය මේ වන විට ආරම්භ කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසනවා.
පිටිකිරි භාවිතය කාලෝචිත නොවන බව සහ සෞඛ්‍ය සම්පන්න නොවන බව අද වන විට වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.
මේ වන විට පශු වෛද්‍ය කාර්යාල 337ක් මගින් දියර කිරී බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සහ නව ව්‍යවසායකයින් තෝරාගෙන දියර කිරී බෙදාහැරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
රටේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන ඇති අතර පොල් ඉඩම් සංවර්ධනය කර කිරි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා යෙදවිමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
මෙම වසර අග වන විට ලංකාවට අවශ්‍ය බිත්තර සහ කුකුල් මස් මෙරටදීම නිෂ්පාදනය කර ගත හැකි බවයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

