“කච්චතිව්” අයිති ලංකාවට – මෝදි

“කච්චතිව්” අයිති ලංකාවට – මෝදි

ශ්‍රී ලංකාවේ ‘කච්චතිව්’ දූපතේ අයිතිය ඉල්ලා තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්ෂය තමාට ලිපි එවන බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි, එම දූපත 1974දී අගමැති ඉන්දිරා ගාන්ධි විසින් ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් බව තහවුරු කර තිබේ.

ඉන්දිරා ගාන්ධි පාලනය විසින් ශ්‍රී ලංකාව සමග අස්සන් කරන ලද ගිවිසුම් වෙනුවෙන් තමා වගකියන්නේ නැති බව ත්, කොංග්‍රසය, මහා භාරතය කොටස් 3කට කඩා දැමූ බව ත් ඔහු පවසා ඇත.

අතීතයේ ශ්‍රී ලංකාවේ ධීවරයන් මේ දූපත භාවිත කළ බව ත් ගිවිසුමකින් පවරා දුන් පසු යළි පවරා ගත නොහැකි බව ත්, ඔහු වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

ඉන්දියාවේ මෝදි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව එරට පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ නරේන්ද්‍ර මෝදි විසින් මෙලෙස සඳහන් කරනු ලැබ ඇත.

https://tinyurl.com/55by7xen