ලෝකයේ මිටිම මිනිසුන් වෙසෙන රටවල් 25 අතරට ශ්‍රී ලංකාවත්

ලෝකයේ මිටිම මිනිසුන් වෙසෙන රටවල් 25 අතරට ශ්‍රී ලංකාවත්

ලෝකයේ රටවල් 25කම ජීවත්වන්නේ මිටි පුද්ගලයන් බව නවතම පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මේ අතරින් වැඩිම මිටි පුද්ගලයන් සිටින්නේ ආසියාවේ ටිමෝර්හි ලෙන්තේවල බවයි වාර්තා වන්නේ. එහි වටප්‍රමාණය වර්ග සැතපුම් 11883ක්.

මේ දූපතේ වෙසෙන පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි 5 අහල් 2.9 ක්. කාන්තාවක් අඩි 4 අඟල් 11.5ක උසකින් යුක්තයි.

ලාඕසය, මැඩගස්කරය, ගෝතමාලාව සහ පිලිපීනය ද මිටි පුද්ගලයන්ගේ ජනගතනය වැඩි රටවල් ලෙස හෙළි වී තිබෙනවා.

නේපාලය, යේමනය, මාලේ දූපත්, බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, මලාවි, රුවන්ඩා, ඉන්දියාව, වියට්නාමය, පේරු, පැපුවා නිව්ගීනියාව, සොලමන් දූපත්, මොසැම්බික්, භූතානය, බෘනයි, මියන්මාර්, සයිබීරියාව, හොන්ඩුරාස් සහ ශ්‍රී ලංකාව මිටි පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් 25 අතර සිටිනවා.

අමෙරිකාව මේ අතර නොසිටින්නේ එරට පිරිමි පුද්ගලයකුගේ උස අඩි 5 අඟල් 9ක් සහ කාන්තාවකගේ උස අඩි 5යි අඟල් 4ක් වීම හේතුවෙන්.

බ්‍රිතාන්‍යය ද මේ අතරට එක්වන්නේ නැහැ. එරට පිරිමි සහ ගැහැනුන්ගේ උස අඩි 5ට වැඩි බවයි වාර්තා වී ඇත්තේ.

මෙම නවතම හෙළිදරව්ව සිදු කර ඇති විද්‍යාඥයන් පවසන පරිදි මිනිසුන්ගේ උස යෑම කෙරෙහි බලපාන්නේ ඔවුන්ගේ DNAවල විවිධත්වයයි.