රොනාල්ඩෝගෙන් ඉන්ස්ටග්‍රෑම් රෙකොර්ඩ් එකක්

රොනාල්ඩෝගෙන් ඉන්ස්ටග්‍රෑම් රෙකොර්ඩ් එකක්

සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල නිල ගිණුමෙන් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව ඇත.

රොනාල්ඩෝගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 600 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර එය ඉන්ස්ටග්‍රෑම් පරිශීලක ඉතිහාසයේ මිලියන 600 සීමාව අභිබවා ගිය ලොව පළමු අවස්ථාව ලෙස සටහන් වේ. මේ වනවිට රොනාල්ඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පෝස්ටු 3536ක් පමණ එකතු කර ඇති අතර 2022 වසරේ නොවැම්බර් මාසය වන විට පරිශීලකයන් මිලියන 500 ක් එම ගිණුමට සම්බන්ධ වී ඇත.

මෙහි දෙවැනි ස්ථානය ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ආර්ජින්ටිනාවේ ලියොනල් මෙසී විසින් දරනු ලබන අතර ඔහුගේ ගිණුමෙහි අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 482කි.

https://tinyurl.com/ka86fnmb

COMMENTS