මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවයි

මහනුවර ඇසළ පෙරහැරට අදාළව සිව් මහාදේවාලවල කප් සිටුවීම අද (17) සිදුකෙරුණි.
ඒ අනුව අද පෙරවරු 6.12ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය කළ බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේය.
කප් සිටුවීමෙන් පසු ලබන 21 දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.
මේ අතර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහ පෙරහැර මංගල්‍යය අද සිට වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.
පෙරහැර ලබන 20 වන දින දක්වා රාත්‍රී කාලයේ වීථී සංචාරය කෙරෙන අතර එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,



