මාලන් සැමුවෙල්ස් වරදකරු වෙයි

2019 අබුඩාබි ටී ටෙන් තරගාවලියට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවැත් වූ දූෂණ චෝදනා විභාගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් වරදකරු වී තිබෙනවා.
ඒ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වැරදි 4 කට ඔහු සම්බන්ධ බව තීරණය කිරීමත් සමගයි.
විනිශ්චය සභාව ඔහු චෝදනා 4 ටම වරදකරු බවට තීන්දු කර ඇත්තේ පළමුවන චෝදනාවට බහුතර මතයකින් සහ අනෙක් චෝදනා 3 ට ඒකමතික තීරණ ලෙසින්.

