කුඹුරු සිතියම්ගත කිරීම ඇරඹේ

කුඹුරු සිතියම්ගත කිරීම ඇරඹේ

දිවයින පුරා පවතින කුඹුරු සිතියම්ගත කිරීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජියෝ ගොවියා යෙදවුම ඔස්සේ එම කටයුතු සිදු කෙරෙන අතර, මෙරට කොපමණ කුඹුරු ඉඩම් ප්‍රමාණයක් පවතින්නේ ද යන්න තහවුරු කර ගැනීම මෙහි අරමුණ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් නොමිලේ සිදු කරන මෙම සිතියම්ගත කිරීම් සඳහා ඇතැම් කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මුදල් අය කරන බවට වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.

COMMENTS