සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ඇරඹේ

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු අද (18) දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 27 වෙනි දා දක්වා ඇගයීම් කටයුතු ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදු වන බැවින් කිසිදු පාසලක් අමතරව වසා නොතබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.