ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් දිනා ගත් ජයරුක්ෂි දිවයිනට

සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් තුනක් දිනා ගත් ජයරුක්ෂි සමන්කුළ මහත්මිය අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම තරගාවලිය ඉකුත් 19 දින සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පවත්වා තිබුණා.
ඇය පිළිගැනීම සඳහා ඇයගේ දෙමාපියන් , පුහුණුකරු සහ තවත් සහෝදර ක්‍රීඩකයින් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

