කිඹුලාවල වීදි ආහාර අලෙවිසල් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දීමක්

කිඹුලාවල වීදි ආහාර අලෙවිසල් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දීමක්

කිඹුලාවල වීදි ආහාර (Street Foods) අලෙවිසල් දින 14ක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම වෙළෙඳසල් හිමියන්ට දැනුම් දී තිබෙනවා.

ඊට හේතුව ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ එම වෙළෙඳසල් මාර්ගයට අවහිරයක් බවත්, රිය අනතුරු බහුලව සිදු වන බවට නිරතුරු පැම්ණිලි ලැබෙන බවත්ය.

මීට පෙරද මේ ආකාරයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩ ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන්න ද, කඩ හිමියන් හා අධිකාරියේ නිලධාරීන් අතර සිදු කෙරුණු සාකච්ඡාවකින් පසුව අධිකාරිය විසින් එම තීරණය හකුළා ගෙන තිබෙනවා.

මේ අවස්ථාවේදී ද, Street Foods වෙළෙඳසල් හිමියන් පවසන්නේ කිසියම් සම්මුතියකට එළැඹී වෙළෙඳසල් පවත්වාගෙන යාමට ඔවුන් කැමැති බවයි.

COMMENTS