ලොව වේගවත්ම ක්‍රීඩිකාව ඇමරිකාවේ ෂා කෙරි

ලොව වේගවත්ම ක්‍රීඩිකාව ඇමරිකාවේ ෂා කෙරි

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රීයේදී ක්‍රියාත්මක වුණා.

එහිදි පස්වරක් ලෝක ශූරිය වූ ජැමෙයිකාවේ ශෙලී ඈන්, ෆෙසර් ප්‍රයිස්,ශෙරිකා ජැක්සන් සහ අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන් එක්ව සිටියේ තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කරමින්.

ඉතා තියුණු අවසානයක් සනිටුහන් කරමින් ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජය කරමින් නව ලෝක ශූරිය බවට පත් වන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකියාව ලැබුණා.

ඒ තත්පර 10යි දශම 65කින් තරගය නිමා කරමින් නව ලෝක ශූරතා වාර්තාවක්ද පිහිටුවමින්.

මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගන්නට ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙරිකා ජැක්සන් සමත් වුණා.

ඇය තරගය නිමා කලේ තත්පර 10යි දශම 72කින්.

මෙම ඉසව්වේ පස්වරක් ශුරිය වූ ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස්ට මෙවර තරගාවලියේ ලෝකඩ පදක්කමින් සෑහීමකට පත්වන්නට සිදුවීම කැපී පෙනුණා.

https://tinyurl.com/5n8vnduu