වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය

සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය ප්‍රභාත් ජයසූරියට හිමිව තිබෙනවා.
මෙම සම්මාන උළෙල ඊයේ පැවත්වුණේ ඉන්දියාවේ මුම්බායි නුවරදීයි.
31 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය මේ වන විට ටෙස්ට් තරග 09 කට ක්‍රීඩාකර ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59 ක්.
මෙම සම්මාන උළෙලේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවුයේ ඉන්දියාවේ සුබ්මන් ගිල්ට වන අතර ඔහුට වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම වසරේ ජාත්‍යන්තර පිතිකරු යන සම්මාන දෙකම හිමිවුණා. වසරේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේ නවසීලන්තයේ ටිම් සවුතියි.
හොදම පන්දුවාර විස්ස පිතිකරු සම්මානය ඉන්දියාවේ සුර්යකුමාර් යාදව්ට සහ පන්දුවාර විස්ස හොඳම පන්දු යවන්නා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මාන දිනාගනිද්දි එක්දින හොදම පන්දු යවන්නා ලෙස සියැට් සම්මානය හිමිවුයේ ඕස්ට්‍රේලියාවේ ඇඩම් සම්පාටයි.

