මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර අද (22) රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.05ට පිටත් වන පෙරහර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ප්‍රථම කුඹල් පෙරහරේ ගමන් කිරීමෙන් පසු ඉතිරි කුඹල් පෙරහර හතරේ දියවඩන නිලමේ වෙනුවට ගමන් කරන්නේ පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල බස්නායක නිලමේවරුය.

මේ අනුව අද (22) වීදී සංචාරය කරන දෙවන කුඹල් පෙරහරේ දී ශ්‍රී දළදා මාලිගා පෙරහරේ දී දියවඩන නිලමේවරයා වෙනුවට නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක මහතා ගමන් කරයි.