විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විරෝධතාවක

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තුවේ සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා. ඒ, ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ සහකාර කළමනාකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.
එහි නිවසක ජීවත් වූ පවුල් 3 ක පුද්ගලයන් 14 දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කර අදාළ නිවස කඩා එහි දේපල වලටද අලාභහානි සිදුකළ බව ඔහුට චෝදනා එල්ලවූ අතර මේ සම්බන්ධයෙන් වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ ඔහු අතර බහින්බස්වීමක්ද ඇතිවුණා.
මේ අතර අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව එම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බවයි කථානායකවරයා එහිදී කියා සිටියේ.

