දෙවෙනි කුඹල් පෙරහැරේ අලි කුලප්පුවක් (Video)

දෙවෙනි කුඹල් පෙරහැරේ අලි කුලප්පුවක් (Video)

මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අද (22) දිනයේ පෙරහැර අතරතුර නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන්.

එම අවස්ථාවේ පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් ඇති අතර නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගත් බවයි වාර්තා වෙන්නේ.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

https://www.youtube.com/shorts/bivaD8j_5xg?feature=share

https://www.youtube.com/shorts/7cpxfLSu7hg?feature=share