ප්රදේශ කිහිපයක ජනතාව පානීය ජල අර්බුදයක

පවතින දැඩි වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්රදේශ කිහිපයකම ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටි.
අනුරාධපුර දිස්ත්රික්කයේ ලොකු සහ කුඩා වැව් විශාල ප්රමාණයක් පවතින වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට සිඳී යමින් පවති.
අප වාර්තාකරු පැවසුවේ, අනුරාධපුරයට පානීය ජලය සැපයෙන ප්රධාන ජල මූලාශ්ර පිහිටි නුවරවැව, තිසාවැව සහ තුරුවිලවැව ද මේ වනවිට සිඳීයමින් පවතින බවයි.
මේ අතර උහන, බණ්ඩාරදුව ප්රදේශයේ ජනතාවත් පානීය ජල ගැටලුව හමුවේ දැඩි පීඩාවට පත්ව සිටි.
ප්රදේශවාසීන් පවසන්නේ, මේ හේතුවෙන් කිලෝමීටර් ගණනක් පයින් ගොස් වළවල් හාරා ඒ තුළින් ජලය ලබාගැනීමට තමන්ට සිදු වී ඇති බවයි.
මේ අතර පැවති වියළි කාලගුණය නිමා කරමින් වැලිමඩ නගරයට හා ඒ අවට ප්රදේශවලට ඊයේ (23) වර්ෂා ඇද හැලුණි.
මේ අතර බදුල්ල නගරයටත් ඊයේ පස්වරුවේ වැසි ඇද හැලුණි.
පැයකට ආසන්න කාලයක් මෙලෙස වැසි ඇද හැලුණු බවයි වාර්තා වෙන්නේ.

