මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට (30) රාත්‍රියේ විථි සංචාරය සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඇසල පෙරහැරේ තුන්වන රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ සුබ මොහොතින් ආරම්භ කෙරුණා. ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර සමඟ නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහැර සමගින් මෙය වීථි සංචාරය කෙරුණා. පෙරහැරේ සධාතුක කරඩුව වැඩම කළේ කණ්ඩුල හස්ථියා විසින්. මියන්රාජා සහ සිංහරාජා හස්ථීන් දෑලේ ගමන් කළා.
පෙරහැර නැරඹීමට ඊයේ දිනයේ අති විශාල පිරිසක් එක්ව සිටියා.
31 වනදා දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතයි. අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සාර්ථකව අවසන් කළ බවට සදහන් සංදේශය සාම්ප්රාදායික් චාරිත්‍රවලට අනුව ජනාධිපතිවරයාට භාරදීමෙන් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්කෙරෙනවා.

