අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවන රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අද (29) රාත්‍රියේ මහනුවර නගරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.

අද රාත්‍රී 7.15ට යෙදෙන සුබ මොහොතින් සිවු වන දළදා රන්දෝලි පෙරහර යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාලිගාවට පැමිණෙනවා ඇති.

පොලිසිය දැනුම් දෙන්නේ එම කාලය තුළ අදාළ මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග යොදා ගන්න ලෙසයි.

COMMENTS