ආසියානු කුසලාන තරඟ බිමට යන ශ්‍රී ලංකා සංචිතය එළියට

ආසියානු කුසලාන තරඟ බිමට යන ශ්‍රී ලංකා සංචිතය එළියට

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතය පහතින්,

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස් – උපනායක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
මතීෂ පතිරණ
කසුන් රාජිත
දුෂාන් හේමන්ත
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, මීට පෙර සංචිතයට නම් කර සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මධුෂංක සහ ලහිරු කුමාර තුවාල ලබා ඇති බැවින් අවසන් කණ්ඩායම සඳහා තෝරා නොගත් බවය.

මේ අතර බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම අසනීපවී සිටි කුසල් ජනිත් පෙරේරා ද සම්පූර්ණ සුවය ලැබූ පසු කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවද එහි දැක්වෙයි.

COMMENTS