ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට රජය කැපවෙන බව ජනපති අවධාරණය කරයි

ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට රජය කැපවෙන බව ජනපති අවධාරණය කරයි

රට පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර සිදු කළ සංචාරය අතරතුර අවධාරණය කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ එමෙන්ම උතුර හා නැගෙනහිර පළාත්වල ඇති වන ආගමික ගැටලුකාරී තත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කර ගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බවයි.

ඓතිහාසික මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි අනුනාහිමියන් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.