ආසියානු කුසලානයේ ශ්රී ලංකා – බංග්ලාදේශ සටන අද

ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන පළමු තරඟය අද පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.
මේ අතර ආසියානු කුසලානයේ ඊයේ පැවති පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පරදා ලකුණු 238 විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන ක්රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 342 ක් රැස් කළා.
එහිදී නායක බාබර් අසාම් 151 ක් සහ ඉෆ්තිකාර් අහ්මඩ් 109 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 23 යි පන්දු 4 ක් තුළ සියළුදෙනා දැවී ලබා ගනු ලැබුවේ ලකුණු 104 ක් පමණයි.

