මහනුවරට අලුත් දුම්රිය ස්ථානයක්

මහනුවර නගරය සඳහා නව දුම්රිය ස්ථානයක් සහ අධීක්ෂණ කාර්ය සංකීර්ණයක් විවෘත කර තිබෙනවා.
දැනට පවතින මහනුවර ප්‍රධාන දුම්රියපොළ මහනුවර නගරයේ එක් කොනක පිහිටා ඇති නිසා නව දුම්රියපොළක් ඉදිකිරීම මහනුවර සිට මාතලේට හා මාතලේ සිට මහනුවරට පැමිණෙන මගීන්ට විශාල සහනයක් වන බවයි සඳහන් වන්නේ.
මෙම නව දුම්රියපොළ ඉදි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් වැයකර තිබෙනවා.



