දිස්ත්‍රික්ක 3 කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද රාත්‍රී අට දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කළේ.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත්වන වන ජනතාවද නායයෑම්, ගල් පෙරළීම්, පස්කණ්ඩි කඩාවැටීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි.
මේ අතර අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

