A/L විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

ලබන සතිය මුල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ (31 වැනිදා) අනාවරණය කර තිබෙනවා.
එමෙන් ම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වූවා.
ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද සහභාගී වී තිබෙනවා.

