ලිට්‍රෝ මඟ ගිය ලාෆ්

ලිට්‍රෝ මඟ ගිය ලාෆ්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් සමාගමද සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,835ක් ලෙස රුපියල් 145කින් වැඩි වී තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1535ක් වන අතර එහි මිල රුපියල් 59කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල සංශෝධනයක් සිදු වී නැහැ.

COMMENTS