අජිත් රෝහණගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

අජිත් රෝහණගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

තමන්ට ස්ථාන මාරුවක් ලබා දීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ, එස්. තුරෛයිරාජා, ඒ. එච්.එම්. ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊට අදාළ පෙත්සම කැදවූ අවස්ථාවේදීයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ තමන්ව නැගෙනහිර පළාතට මාරු කර හැරීමට පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

COMMENTS