අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

COMMENTS