බස් සංගම් මගීන්ගෙන් කළ ඉල්ලීම

බස් සංගම් මගීන්ගෙන් කළ ඉල්ලීම

සියයට 4 ක් ඉහළ දැමූ බස් ගාස්තුව ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන බවත්, වැඩිපුර මුදල් අය කරන කොන්දොස්තවරුන් සිටීනම් ඔවුන් පිළිබද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසට බස් සංගම් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

බස් ගාස්තු වැඩිවීමට අදාළව ලේඛන මේ වනතෙක් බස් රථ හිමියන්ට ලැබී නොමැති බවත්, එම ලේඛන හෙට දිනයේදී ඔවුන්ට ලැබෙනු ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

එමෙන්ම, බස් රථයට ගොඩවන අවස්ථාවේදී මාරු කාසි රැගෙන එන ලෙසට ද ඔහු මගීන්ගෙන් ඉල්ලීමක් කළා.

COMMENTS