ළහිරු, වනිඳු සහ දුෂ්මන්ත ලෝක කුසලාන මූලික සංචිතයට

ළහිරු, වනිඳු සහ දුෂ්මන්ත ලෝක කුසලාන මූලික සංචිතයට

මෙම වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ICC ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර ඇතුළත් කර තිබෙනවා.

මීට පෙර මෙම ක්‍රීඩකයින් තිදෙනා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් නොකළ අතර එයට හේතු වූයේ ඔවුන් තිදෙනාම ආබාධවලට ලක් වීමයි.

මෙහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා අවසන් සංචිතයට නම් කිරීම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත සිදු කරන බවයි.

එමෙන්ම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත අදාළ පුහුණුවීම්වලට සහභාගී වීමේ අවස්ථාව හිමි කර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර අනුමැතිය සඳහා යොමුකර ඇතැයි වාර්තාවන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා 
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
මතීෂ පතිරණ
කසුන් රාජිත
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක