පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි දැනුම්දීමක්

පවතින වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
එම දිස්ත්‍රික්ක වන්නේ කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ලයි.
මේ අතර පවතින වර්ෂාවත් සමග ගංගාවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්. පී. සී සුගීෂ්වර දැනුම් දෙයි.
තව ද දිය ඇලි, ගංගා හා වැව් ආශ්‍රිතව මේ දිනවල දිය නෑමේදී ඉතාම සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය දැනුම් දෙයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, අසංක නානායක්කාර මහතා පැවසුවේ, පවතින අධික වර්ෂාව හමුවේ දියඇලි, ගංගා හා ජලාශවල ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.

