ඉන්දු – පාකිස්ථාන් සටන නවත්වපු තැනින් අද අරඹයි

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමිණි.
ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.
ඒ අනුව තරගය එතැන් සිට හෙට පැවැත්වෙයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පස්වරුවේ ආරම්භ කළ මෙම තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වේගවත් ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ශතකයක සබඳතාවක් ගොඩනැගුවේ පාකිස්තාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමිනි.
නායක රෝහිත් ශර්මා සහ ෂුබ්මන් ගිල් මෙහිදී අර්ධ ශතක වාර්තා කළහ.
ඒ අනුව තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.
ක්‍රිකට් ලොව පසමිතුරන් ලෙස ප්‍රචලිත ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවත්වුණ මෙම තරගය නැරඹීමට ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩාලෝලින් රැසක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය.

