හෙද සිසුන් 3500ක් බඳවා ගැනේ

හෙද සිසුන් 3500 ක් මේ වසරේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය හෙට (15) නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
ජීව විද්‍යා හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් සිසුන්ගෙන් හෙට (15) සිට 18 වැනිදා දක්වා විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත් කැඳවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙට (15) නිකුත් කරන ගැසට් පත්‍රයෙන් හෝ www.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. රට තුළ පවතින හෙද හිඟය අවම කිරීම මෙම බඳවා ගැනීම්වලින් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය සේවාව ගුණාත්මකව හා කාර්යක්ෂමව ලබා දීම මෙමඟින් අරමුණු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

