ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක සටන අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තීරණාත්මක තරඟය අද (14) පැවැත්වේ.
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම තරඟය ජය ගැනීම අතිශය වැදගත් වනු ඇති.
යම් හෙයකින් මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත්, දෙපිලටම ප්‍රසාද ලකුණු බැගින් හිමි වේ.
එය එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වන්නේ දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුවයි.
ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලිය තුළ දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුව පකිස්ථානයට වඩා ඉදිරියෙන් සිටි.
ඒ, බිංන්දුවයි දශම දෙකයි බිංන්දුවක දළ ලකුණු රැස් කිරීමේ වේගයක් රඳවා ගනිමිනි.
පකිස්ථානයේ දළ ලකුණු රැස් කිරීමේ වේගය සටහන් වන්නේ ඍණ එකයි දශම අටයි නවයක් ලෙසයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය පස්වරු 3.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

