පාකිස්ථානයට බැට දුන් සිංහයන් ආසියානු කුසලාන අවසාන මහා තරඟයට

ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන නායක බාබර් අසාම් සමත්වුණා.
ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 42 දී කඩුලු 8ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 42 දී කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා.
ඩක්වත් ලුවිස් නයායට අනුව ශ්‍රි ලංකා කණ්ඩාමයම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති සුපිරි 4 දෙනාගේ වටයෙ තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් කින් ජයග්‍රහණය කළා.
ඒ අනුව එළෙඹෙන 17 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

