ඉන්දු – පාකිස්තාන තරඟයට අතිරේක දිනයක් ලබාදීම ගැන අර්ජුනගේ අප්‍රසාදය

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වෙනස් වූ තරඟ නීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සිය අප්‍රසාදය පළ කරනවා.
ඒ බව ඔහු සඳහන් කළේ ක්‍රික් ඉන්ෆෝ වෙත අදහස් දක්වමින්.
ඒ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්තාන තරඟයට අතිරේක දිනයක් ලබාදීම හේතුවෙන්.
කෙසේ වෙතත් දින 18ක් පුරා පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
අවසන් සටහනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සටන් වදින අතර ශ්‍රී ලංකාව අද තරඟයට පිවිසෙන්නේ සිය කිරුළ රැක ගැනීමේ අරමුණින්.
මේ වන විට 6 වරක් ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා පිල අවසන් වරට සිය මව්බිමේදී ආසියානු ක්‍රිකට් ශූරතාවක් දිනා ගත්තේ 2004 වසරේදීයි.

