රාජ්‍ය ආයතන කිහිපයක් යළි ප්‍රතිව්‍යුහගත කෙරේ

රාජ්‍ය ආයතන කිහිපයක් යළි ප්‍රතිව්‍යුහගත කෙරේ

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කළේ, ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතී තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුවක් පත්කිරීමට නියමිත බව‍යි.

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීර‍යේ පවිත්‍රතා වැඩසටහනකට එක්වෙමින් සාගල රත්නායක එම අදහස් පළ කළේය.

“සංචාකරයින් ආකර්ෂණය කර ගන්න අවශ්‍ය පරිසරය අපි හැම අවස්ථාවෙම රැක ගන්න ඕනේ. එක පැත්තකින් ආයතන කීයක් තියෙනවා ද මේ වෙලාවේ සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළ සංරක්ෂණ අධිකාරිය තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන ටික තියෙනවා. නාවික හමුදාව උදව් කරනවා. ඒක වගකීමක් නෙමෙයි. ඒ වගේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය. ඒ වගේ වගකීම් පැවරෙන රාජ්‍ය ආයතන තියෙනවා මේ රාජ්‍ය ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි කමිටුවක් පත්කරනවා. ඒ ප්‍රතිව්‍යුහගත කරන්නත් අවශ්‍ය නීති ශක්තිමත් කරලා දෙනවා. ඒ වගේම ජනතාධිපතිවරයා කාර්‍යසාධන බළකායක් පත්කරනවා.” යනුවෙන්

COMMENTS