අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වන ජන්ම දිනය අදයි

අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වන ජන්ම දිනය අදයි

අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ජාතිය අවදි කළ ධර්මපාලතුමන්ගේ සේවය අගය කරමින් අද උත්සව පැවැත්වුණා.

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද ධර්මපාල නමින් අනගාරික දිවියක් ගත කළ ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට එළඹුණා.

බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු හා නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස එතුමා ඉටු කළ මෙහෙය ඉමහත්.

ආසියා, උතුරු ඇමෙරිකා හා යුරෝපා මහද්වීපවල බුදු දහම දේශනා කිරීමට මුල් වූ පළමු බෞද්ධයා ද ඔහුයි.

මෙරට බෞද්ධ අධ්‍යාපනය , බෞද්ධ පාසල් හා දහම් පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වූයේ ද ධර්මපාලතුමායි.

අනගාරික ධර්මපාලතුමාගේ ඡන්ම දින සැමරුම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්වුණා.

.

COMMENTS