“අස්වැසුම” ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින්ට ගෙවීම සඳහා ජුලි මාසයට අදාළ මුදල් බැංකුවලට

“අස්වැසුම” ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් වෙනුවෙන් ගෙවීම සඳහා ජුලි මාසයට අදාළ මුදල් බැංකුවලට
“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සඳහා ජුලි මාසයට අදාළ රු.මි 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා
ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභී ගිණුම් සදහා එම මුදල් බැර කරනු ලබන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ
ප්‍රතිලාභී පවුල් 1,162,245 කට අදාළ රු. මි 7,278 මුදලක් ජූලි මසට අදාළව මේ වන විට රජය විසින් ගෙවා ඇති බවද පැවසෙනවා
අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

