එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තේමා ගීතය එළි දකී

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තේමා ගීතය එළි දකී

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය අද (20) නිකුත් කර තිබෙනවා.

දිල් ජෂන් බෝලේ ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා රංගනයෙන් දායකත්වය ලබාදී ඇත්තේ සුපිරි බොලිවුඩ් නළු රන්බීර් සිං විසින්.

එම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය සංගීතඥයෙකු වන ප්‍රීතම් චක්‍රබොර්ති විසින් සිදුකර ශ්ලෝක් ලාල් සහ සාවේරී වර්මා විසින් ගීතය රචනා කර තිබෙනවා.

ලබන මස 5 වනදා සිට නොවැම්බර් මස 19 වනදා දක්වා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

https://tinyurl.com/j4fd2dr4