ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැන දැනගන්න දුරකථන අංකයක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැන +94716640560 සහ 1989 අංකයෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ඇති වී තිබෙන යුද ගැටුම්වලින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව දැන ගැනීමට මෙරට ඔවුන්ගේ ඥාතීන්ට අවශ්‍ය වන බැවින් මෙම දුරකථන අංකය ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

