සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති

සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති

සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

රත්නපුර අයගම ප්‍රදේශයේ ඊයේ (8) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එලෙස දෛනිකව පාසල් නොපැමිණියහොත් ඉදිරියේදී පැවැත්වෙන විභාග සඳහා ලකුණු නොලැබෙනු ඇති බවයි.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වුණද ප්‍රාථමික පන්ති පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.