ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එරටින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉවත් කර ගැනීම පිළිබඳව ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8,000කට අධික පිරිසක් සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ගැටුම් පවතින ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.