පාසල් ළමයින්ගෙන් 15%කට දුර පේන්නේ නෑ

පාසල් ළමයින්ගෙන් 15%ක් පමණ දුර පෙනීමේ දුර්වලතාව හෙවත් අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙන බවට හඳුනා ගෙන ඇති බව අක්ෂි රෝග විශේෂඥයන් පවසනවා.
ඒ අනුව දරුවන් රූපවාහිනී තිරයට ළං වී එය නැරඹීම, මෙන්ම ඇස් කුඩා කර හෝ ඉදිරිය බැලීමේදී යම් අපහසුතාවකින් පෙළීමේ තත්වයන් පවතී නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි ඔවුන් දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම තත්ත්වය අක්ෂි පරීක්ෂාවකින් පමණක් හඳුනා ගත හැකි නිසා පාසල් මට්ටමින් සිදු කරෙන අක්ෂි පරීක්ෂාවන්ට දරුවන් යොමු කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවයි අක්ෂි රෝග විශේෂඥයින් වැඩිදුරටත් පවසන්නේ.

