උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නවතී

වටවල සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට අඩාල වී ඇති බව වාර්තා වෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වය පැය කිහිපයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වන බවට අපේක්ෂා කරන බවයි.

